2012

ජනේලය!

ඉතා දරුණු ලෙස රෝගාතුර වූ රෝගීන් දෙදෙනෙක් රෝහලක එකම කාමරයක නේවාසිකව ප්‍රතිකාර ලැබුවා. ඔවුන්ගෙන් එක් රෝගියෙකුට සෑම දිනකම සවස 5 සිට පැයක් ඔහුගේ ඇද මත ඉදගෙන සිටීමට සැලස්සුවේ ඔහුගේ පෙනහලු වල එකතු වන යම් දියර විශේෂයක් ඉන් පිට කිරීමේ අරමුණින්. ඔහුගේ ඇද තිබුනේ කාමරයේ තිබූ එකම ජනේලය අසලයි. අනෙක් රෝගියාට රෝගී තත්ත්‍වය නිසා මුලු දවසම ඇඳ මත නිදා සිටීමට සිදු වුනා.

රෝගීන් දෙදෙනා පැය ගණන් කතා කළා. බොහෝ විට ඔවුන් දෙදෙනා කතා කලේ තමන්ගේ පවුලේ විස්තර,තමන්ගේ රැකියාවන් වල විස්තර, තමන් කැමති ක්‍රීඩාවන් ගැන සහ රටේ දේශපාලනය ගැනයි.

සෑම දිනකම ජනේලය අසල සිටින රෝගියා ඇද මත හිඳ ගත් විට ඒ පැයක කාලය ඔහු ගත කලේ ජනේලයෙන් ඔහු දකින පිටත ලෝකය අනෙක් රෝගියාට විස්තර කිරීමටයි.
දරුණු ලෙස රෝගාතුර වී ජීවිතය ගැන කලකිරී අනෙක් ඇද මත සිටි රෝගියා සෑම දිනකම සවස උදා වන තමන් ගේ ලෝකය ප්‍රාණවත් කරන තම ජීවිතයට නව ප්‍රාණයක් ලබා දෙන මේ පැයක කාලය වෙනුවෙන් ජීවත් වීමට පටන් ගත්තා!



ජනේලය අසළින් පිහිටියේ ඉතා පියකරු උද්‍යානයක්. එය ඉතා මනරම් කුඩා දිය ඇලි සහ විල් වලින් සමන්විත වුනා. විලෙහි ඕළු, නෙළුම්, මහනෙල් මල් පිපී තිබුණු අතර ඉතා ලස්සන හංසයන් විල මත පීන පීන හිටියා. කුඩා ළමුන් ඒ මත කුඩා බෝට්ටු පදවමින් විනෝද වුනා. උද්‍යානය පාට පාට මල් වලින් පිරී තිබුණු අතර පසෙකින් තවත් ළමුන් ඔන්චිලි පැද්දා. සීසෝ පැද්දා. තරුණ පෙම්වතුන් අතිනත අල්ලාගෙන උද්‍යානය පුරා සක්මන් කලා.
ඈතින් දර්ශණීය කඳු වැටියක් දිස් වුණා. හවසට හිරු එළිය වැටුණු කඳු මුදුන් රන් වන් පැහැයෙන් බැබළුනා. කැදළි බලා යන කුරුළු රංචු අහසේ රටා මැවුවා. වලාකුළු එක එක රූප මැවුවා.

ජනේලය අසළ ඇඳ මත සිටි මිනිසා සෑම සවසකම ඔහු දකින ජනේලයෙන් පිටත ඇති ඒ සිත්කලු දසුන් විස්තර කරන විට අනෙක් ඇද මත සිටි මිනිසා තම දෙනෙත් වසා ගෙන ඒ සොඳුරු දසුන් සිතින් මවා ගැනීමට උත්සාහ කළා.
ඔහුගේ දරුණු රෝගී තත්වය කෙමෙන් කෙමෙන් සුව අතට හැරුණා. දින සති ගෙවී ගියා.

දිනක් උදෑසන රෝගීන් ගේ උදෑසන ආහාර රැගෙන පැමිනි හෙදියක් දුටුවේ ජනේලය අසල ඇද මත සිටි රෝගියාගේ නිසල දේහයයි........ ඔහු සාමකාමීව නින්දෙන්ම මිය ගොස් තිබුනා.... තම මිතුරාගේ ආභාවය දැන ගත් අනෙක් ඇද මත සිටි මිතුරා බොහෝ දුක් වුනා.

ටික වේලාවකින් ඔහුගේ දේහය ඉවතට ගෙන ගියා. අනෙක් ඇද මත සිටි පුද්ගලයා හෙදියගෙන් ඉල්ලීමක් කලා. එනම් තමන්ට ජනේලය අසල ඇදට යාමට අවශ්‍ය බවයි. හෙදිය ඒ පිලිබදව සතුට පල කල අතර ඔහුව ජනේලය අසල ඇදට මාරු කලා.


ජනේලය අසල ඇද මතට පැමිනි රෝගියාට ජනේලයෙන් එහා ඇති තම මිතුරා විස්තර කල ඒ විසිතුරු ලෝකය බැලීමට සිත් වුණා.


ඔහු ඉතා අපහසුවෙන් මදක් ඉස්සී ජනේලයෙන් එබී බැලූ අතර ඔහු දුටු දෙයින් අන් ද මන් ද වුනා!



ජනේලයෙන් එපිට තිබුනේ විශාල හිස් බිත්තියක්.



හෙදිය පැමිනි පසුව ඔහු හෙදියට සියලු දේ පවසා මියගිය මිතුරා ජනේලයෙන් එපිට ඉතා පියකරු ලෝකයක් විස්තර කිරීමට හේතුව කුමක් විය හැකි දැයි විමසා සිටියා.


"ඔහු අන්ධයි.... ඔහුට කිසිවක් පේන්නෙ නෑ".......... හෙදිය සෙමින් පැවසුවා..........


"සමහර විට ඔහුට ඔබව ධෛර්‍යමත් කිරීමට අවශ්‍ය වෙන්න ඇති!"




අප ජීවත් විය යුත්තේ අනුන් වෙනුවෙනි!
තමන් කොපමණ දුර්වල වූවත් තවත් කෙනෙක් වෙනුවෙන් අපට යමක් කළ හැකි බව සිතට ගන්න!

* මගේ සද ඔබ (6 කොටස)

කාලය හෙමින් හෙමින් ගෙවිලා ගියේ වැඩි වෙනසක් නැතිවම.මම  හීන මව මව පුළුවන් හැමදාටම සඳිතිව හම්බ වුනා.සඳිතිත් හොදට කතා බහ කර කර හිටියා මිසක් සවින්දකගෙ ඉල්ලීමට එකඟ වුනේ නෑ.සඳිති තරහ වෙයි කියලා මම එයාට වැඩියම බල කරන්න ගියේ නෑ.

සමහරදාට සඳිතිල ස්කෝලෙ කැන්ටින් එකට යනකම් බලන් ඉඳල මමත් යනවා.ඒ වෙලාවට සඳිතිල ම ට කිරිටොෆි දෙනවා.නැත්නම් මම  ඒ ගොල්ලන්ට අරන් දෙනවා.මේ විදිහට කටයුතු සිදුවී ගෙන යනකොට ම ගෙ යාළුවො නම් හිතුවෙ මේ දෙන්න යාළුයි කියලා.

'කමක් නෑ කමක් නෑ අපිට නොකිය හොරෙන්ම කරන් පලයන්කෝ.'

Read more »

*මගේ සද ඔබ (5 කොටස)

මම  එදා ගෙදර ගිහින් හැමතිස්සෙම කල්පනා කලේ තමන් කරපු වැඩේ හරිද කියල.
අපරාදේ එයාට දැන්ම ඒක නොකිය ඉන්න තිබුනෙ.මගේ  හිත එහෙම කිව්ව. එයා මොනව කරයිද ගෙදරට කියයිද,ස්කෝලෙ ටීචර්ලට කියයිද ඔට්ය වගේ ගොඩක් දේවල් හිතේ තෙරපිලා එදා රැයත් නින්ද නැතිවම ගෙවිලා ගියා.
ඊළඟ දවසෙ මං  හිටියෙ ගෙදර.නංගිලා දහම් පාසැල් ගිහින් ඇවිත් හවස නංගි පොඩිට හොදටම බනිනවා මම  අහගෙන හිටියා.
'තමුසෙ නම් මහ ඕනෙම නැති වැඩ කරන්නේ.මම යන්තම් කියලා එයාව ශේප් කරේ නැත්නම් තමුසෙව එයා ගෙදරටත් කියනවා.'
'ඉතින් මම බය වෙයි.'
මොනදේ වුනත් පොඩීගෙ කට අඩු වෙන්නෙ නෑ.
'හැබැයි ආයෙ ඕවට ආවොතින් මම තමුසෙලා ගෙදරට කියනවා.'
මම  කතාව අහගෙන ඉදලා පොඩිව කාමරයට එක්කන් ආවෙ විස්තරය දැනගන්න.
'නෑ සුදු අයියෙ මම අරයගෙන් ඇහුවා.'


Read more »

*මගේ සද ඔබ (4 කොටස)

මම  සෙනසුරාදා වෙනකම් දින ගැන ගැන හිටියට ඊළඟ සතියෙ සෙනසුරාදා මට මැච් එකක් තිබුනා.ඒ හින්දා තව සතියක් දින ගනින්න වුනා.ඊට කලින් සිකුරාදා මට ගේට්ටුව ලඟදි සඳිතිව හම්බ වුනා.

'මට ඔයාව ටිකක් හම්බ වෙන්න ඕනා.'

'ඉතින් අපි මේ හම්බ වෙලා ඉන්නේ'


Read more »

* මගේ සද ඔබ (3 කොටස )

එක දවසක් මට  රංජිත් සර් එන්න කියලා තිබුනා.රංජිත් සර් ස්කෝලෙ ක්‍රිකට් භාර ආචාර්ය.
'සවින්දක under 15 පටන් ගන්න ඕනා.තමුසෙ පොඩ්ඩක් පන්තිවලට ගිහින් ඒ ගොල්ලනව ක්‍රිකට් රූම් එකට එක්කන් එනව'
මම  පණිවිඩය කියන්න යන්න සෙන්ටවත් සෙට් කර ගත්තා.සෙන්ට ක්‍රිකට් නොගැහුවට මත් එක්ක ඕන දේකට යන්න එනවා.
'රංජිත් කාරයත් ඉදල හිටල හොඳ වැඩ කරනවා නේද '
ස්කෝලෙ 15 න් පහල ක්‍රීඩා කරන්නේ 9,10 වසර වල ළමයි සෙන්ට කියන්නේ ඒ ගැන.
දෙන්නත් එක්ක ගිහින් 10 වසරටයි 9 වසරෙ අනිත් පන්තිවලටයි පණිවිඩය කියලා 9-A පන්තියට යනකොට මට අමුත් ගතියක් දැනුනා.වෙන තැන්වලදි නොදැනුනු.
මම  පන්තියට යන්කොටම සඳිතිව දැක්කා.එයා හිටියේ ඉස්සරහම පේලියේ ලොකු වැඩක් කර කර.එයා ඔළුව උස්සලා ටිකක් වෙලා බලන් ඉදල ආයෙමත් පොත දිහා බලා ගත්තා.ඒත් ඒ මුහුණෙ ඇදුණු පුන්චි හිනාව නම් මං  හොදටම දැක්කා.
කට්ටිය එක්කගෙන ක්‍රිකට් රූම් එකට එන අතරෙ සෙන්ටා සඳිති ලගෙ පන්තියෙ එකෙක්ව කතාවට අල්ලගෙන
'මල්ලී සඳිති කා එක්කද යාළු'
'අපෝ එයා කා එක්කවත් යාළු නෑ.කවුරුහරි යාළු වෙන්න ඇහුවත් ටීචර්ලට කියනවා.'
'එහෙම තමයි අපේ නංගිලා උඹල එයාට මොකුත් කියන්නෙ නෑ හරිද.'

Read more »

* මගේ සද ඔබ (2 කොටස )

හවස ගෙදර ගිහින් FB ලොග් වුනේ කම්මැලිකමට.මුළු wall එකම පිරිල.congratz bro for your first love..........
සෙන්ටගෙ පෝස්ට් එකට හැමෝම කමෙන්ට් කරලා..
කමක් නෑ හොරෙන්ම කර ගනින්..
කවුද බන් ඒ අවාසනාවන්තිය....
කවුද බන් ඒ ලකී ගර්ල්...
පාර්ටි එක කවදද...

Read more »

* මගේ සද ඔබ (1 කොටස )

'තාම නිදිද යන්නෙ නැද්ද' පොඩි කමරයට ආවෙ එහෙම අහගෙන.අවුරුදු උත්සවය බලන්න යන්න එච්චරම ආසාවක් මට නොතිබ්බට නොගිහින් බැරි කමට මම  යන්න ලැහැස්ති වුනා.

අපේ  ගෙවල් තිබුනෙ ගමක.මමත් පුන්චි කාලෙ ගමේ ස්කෝලෙට ගිහින් 5 ශිශ්‍යත්වය පාස් වෙලා නගරයෙ පාසැලට ගියා.දැන් මම  ඉන්නෙ උසස් පෙල පන්තිවල ඉගෙන ගන්නෙ ජීව විද්‍යා අංශයෙන්.ඒත් මම  ස්කෝලෙ වැඩිපුරම කලේ බාහිර වැඩ.ක්‍රීඩා වලදි හැමතැනදිම මම  ඉදිරියෙන් හිටියා.මේ පාර පාසැල් ක්‍රිකට් කණ්ඩායමේ දක්ශතම ක්‍රීඩකයා වුනේත්  මම .ඒ වගේම ලබන වසරෙ කණ්ඩායමේ නායකත්වය දරන්නත් නියමිතව ඉන්නේ මම .නාගරික ක්‍රීඩා සමාජයෙත් මට හොද තැනක් තිබුනා.

Read more »

*ඔබ එන්න සුලගේ දැවටිලා...(2& අවසාන කොටස)

හැමදාමත් වගේ පොත් පත් අතරේ ඔහේ කාලය ගත උනා.පාඩම් කරන අතරතුරේදි ඔහුව මතක් නොවුනමත් නෙවෙයි.
හොදට දැකල පුරුදුයි ඉශා.මම කොහේදි හරි මීට කලින් එයාව දැකල තියෙනවා.
සoසාර පුරුද්ද වෙන්නැති.ඉශා මගේ අතට තට්ටුවක් දාල සරදමට වගේ එහෙම කියල හිනා වුනා.

Read more »

*ඔබ එන්න සුලගේ දැවටිලා...(1 කොටස)

ඔබ එන්න සුලගේ දැවටිලා...
මා ඉන්නෙ ඔබ දැන් එයි කියා...

එලාම් එක වැදෙන සද්දෙට මට ඇහැරුනා.දැන්ම ඇහැරිලා වැඩක් නෑ තා ටිකක් නිදාගන්න ඕන.අනික මේ දවස් වල සීතලයිනෙ.මම අනිත් පැත්තට හැරිලා ආයිමත් ටිකක් නිදාගත්තා.කම්මැලිකමට එහෙට මෙහෙට පෙරලි පෙරලි ඉදලා හරියට පියවි ලෝකෙට එනකොට 6.15 විතර වෙලා.


"දෝණි හොදටම පරක්කු වෙලා.අද ක්ලාස් යන්නෙ නැද්ද?"අම්ම තේ එකත් අරගෙන කාමරේට ආවා.
"යනව අම්ම.පරක්කු නෑ තාම"කියාගෙන මම බාත් රූම් එකට ගියා.
ගෙදරම පෙරලලා 6.45 වෙනකොට ලේස්ති වෙලා කෑම කාලා ඉස්තෝප්පුවට වෙලා හිටියා මම තාත්ත එනකම්.

Read more »

Newer Posts Older Posts