* මගේ සද ඔබ (3 කොටස )

එක දවසක් මට  රංජිත් සර් එන්න කියලා තිබුනා.රංජිත් සර් ස්කෝලෙ ක්‍රිකට් භාර ආචාර්ය.
'සවින්දක under 15 පටන් ගන්න ඕනා.තමුසෙ පොඩ්ඩක් පන්තිවලට ගිහින් ඒ ගොල්ලනව ක්‍රිකට් රූම් එකට එක්කන් එනව'
මම  පණිවිඩය කියන්න යන්න සෙන්ටවත් සෙට් කර ගත්තා.සෙන්ට ක්‍රිකට් නොගැහුවට මත් එක්ක ඕන දේකට යන්න එනවා.
'රංජිත් කාරයත් ඉදල හිටල හොඳ වැඩ කරනවා නේද '
ස්කෝලෙ 15 න් පහල ක්‍රීඩා කරන්නේ 9,10 වසර වල ළමයි සෙන්ට කියන්නේ ඒ ගැන.
දෙන්නත් එක්ක ගිහින් 10 වසරටයි 9 වසරෙ අනිත් පන්තිවලටයි පණිවිඩය කියලා 9-A පන්තියට යනකොට මට අමුත් ගතියක් දැනුනා.වෙන තැන්වලදි නොදැනුනු.
මම  පන්තියට යන්කොටම සඳිතිව දැක්කා.එයා හිටියේ ඉස්සරහම පේලියේ ලොකු වැඩක් කර කර.එයා ඔළුව උස්සලා ටිකක් වෙලා බලන් ඉදල ආයෙමත් පොත දිහා බලා ගත්තා.ඒත් ඒ මුහුණෙ ඇදුණු පුන්චි හිනාව නම් මං  හොදටම දැක්කා.
කට්ටිය එක්කගෙන ක්‍රිකට් රූම් එකට එන අතරෙ සෙන්ටා සඳිති ලගෙ පන්තියෙ එකෙක්ව කතාවට අල්ලගෙන
'මල්ලී සඳිති කා එක්කද යාළු'
'අපෝ එයා කා එක්කවත් යාළු නෑ.කවුරුහරි යාළු වෙන්න ඇහුවත් ටීචර්ලට කියනවා.'
'එහෙම තමයි අපේ නංගිලා උඹල එයාට මොකුත් කියන්නෙ නෑ හරිද.'


එදා ස්කෝලෙ ඇරිලා මම  ගේට්ටුව ලඟට ආවෙ අද නම මොනවම හරි කතා කරන්න ඕන කියලා
හැමදාම හිතා ගෙන එන්නේ ඔහොම තමයි ඒත් ආවම කතා කරන්නේ මොනවද කියල හිතා ගන්න බැරි වෙනවා.
'මම අද ඔයාලගෙ පන්තියට ආවා'
'මම දැක්කනේ'
'ඔයා පන්තියෙ ඉන්න කොට බරටම වැඩ නේද'
එයා ඒකටත් හිනා වෙලා බිම බලා ගත්තා.හෙට වෙසක් පෝය නේද කියලා ම ට මතක් වුනේ එතකොට.
'හෙට පන්සල් එනවද'
'ඔව් හෙට අපි සිල් ගන්නවා.සවින්දි අක්කත් ඒවි.'
'මමත් එන්නද සිල් ගන්න.'
'අනේ එපා එතකොට හෙට හඳ පායන එකත් නවතීවි.'
සඳිති සද්දෙට හිනාවෙනවා මම  දැක්කෙ එදාමයි.

පෝය දවසෙ පොඩිත් එක්ක පන්සල් යනකොට පොඩි කියපු කතාවෙන් මගෙ ඇස් උඩ ගියා.
'සුදු අයියේ මට උදව්වක් කරනවකෝ.සඳිතිට කොල්ලෙක් ඉන්නවද කියල මට කියනවකෝ.'
'තමුසෙට පිස්සුද....එයා තාම පොඩියිනේ.'
'ඉතින් මමත් පොඩියිනේ.හරි හරි ඔයාට බෑ කිව්වනම් ඉවරයිනේ.'
'මම කොහොමද ඔය පොඩි ගැන හොයන්නේ.මම එයාව ස්කෝලෙදි දැකලවත් නෑ.'
'හරි හරි එහෙනම් මම ම හොයා ගන්නම්කෝ.'
පන්සලට ගිහින් මම  සඳිතිල ඉන්න පැත්තට ගියේ නෑ.ඒත් ධර්ම ශාලාවෙ ඉන්න සඳිති දිහා දෙතුන් පාරක්ම මම  හොරෙන් බලන් හිටියා.
පොඩි ගේ කතාවටත් එක්ක මගෙ හිත අවුල් වෙලා තිබුනේ ඒ හින්දා කලින්ම මම  ගෙදර ආවා.
ඊළඟ දවසෙදිත් ගේට්ටුව ලඟදි මට සඳිතිව හම්බ වුනා.
'ඔයා ඊයේ පන්සල් ආවෙ නෑනේ.'
'ආවෙ නැත්තෙ මොකෝ.ඒකනේ කියන්නේ ඔයාලට අපිව පේන්නේ නෑනේ.'
'පේන්නෙ කොහොමද ඔයා එහෙනම් හැංගිලා ඉන්න ඇති.'
'ඔයා මාව හෙව්වද කියල අහන්න කොච්චර හිත බල කරත් සවින්දක අමාරුවෙන් එහෙම අහන්නෙ නැතිව හිටියා.
'දැක්කත් ඉතින් ඔයා එහෙදි කතා කරන්නෙ නෑනේ'
'ඒ වුනාට මෙහෙදි කතා කරනවනේ'
එයා බිම බලාගෙනම එහෙම කියලා යන්න ගියා. 



 යාළුවො කොච්චර කිව්වත් උඹේ හිතේ තියෙන ඒව ඒකිට කියපන් කියලා මට ඒකට හිත හදා ගන්න බැරි වුනා.තමන් සඳිතිට ආදරේ කරන බව මට හොදටම තේරෙනවා වුනාට හේතු දෙකක් හින්දා ඒක එයාට කියන්නෙ කොහොමද කියන එක ලොකු ප්‍රශ්නයක්. එකක් එයා තාම පොඩියි අනික කුසුම ටීචර්.මේ හේතු දෙක හින්දා මං හැමදාම සිහින ලෝක වලම තනිවෙලා හිටියා.

එයාව අමතක කරනවා කියලා කොච්චර හිතුවත් ඒ හිනාව කතාව ලඟදි මම  ආයෙමත් හීන ලෝක වලට පා වෙනවා.අන්තිමට මම  තීරණය කරා සඳිතිට ආදරය කරන්න.තමන්ගෙ ආදරය එයාට කියන්න ඕනා කියලා.

'මචන් සෙන්ටා එයා මට කැමති වේවිද බන්'

'ඒකි උඹට අකමැති වෙන එකක් නෑ බන්. ඒකි උඹත් එක්ක හැමදාම හොදට කතා කරනවනේ.සමහරවිට ඒකී බලන් ඇත්තේ උඹ ඇයි තාම ඒකිගෙන් ඇහුවේ නැත්තේ කියලා.'

සඳිතිට ආදරය කරන්න කලින් තමන් හොඳ මිනිහෙක් වෙන්න ඕනා කියලා මම  තීරණය කරා.
මම  මුලින්ම කරේ සිගරට් බොන එක නවත්වන එක.සවින්දක සිගරට් බොන එක නැවැත්තුවා කිව්වම සමහරු පිලිගත්තෙත් නෑ.සමහර උන් හිනාවුනා.සෙන්ට පොඩියට ශොට් එකක් ගත්තට කවදාවත් සිගරට් බොන්නෙ නෑ.ඉතින් ඒකට වැඩියෙම සතුටු වුනේ සෙන්ට.

ස්කෝලෙ ඇරෙන වෙලාවෙදි මේක කියන්න බැරිබව මං  දන්නවා.මේක කොයි වෙලාව්දිද එයාට කියන්නේ.

'හරි මම කියන්නම සෙනසුරාදා හවස සඳිතිට ක්ලාස්. එයා ක්ලාස් යන්නේ දෙව්මිත් එක්ක.අපි ඒ වෙලාවට එයාව අල්ල ගමු.මම දෙව්මිව ශේප් කර ගන්නම උඹ සඳිතිට ටෝක් කරපන්.'

දෙව්මි සඳිතිගෙ හොඳම යාළුවා ඉන්නෙ සෙන්ටලගෙ ගෙවල් ගාව හින්දා සෙන්ටව හොඳට දන්නවා.

'මේ සතියෙ මැච් එකක් නෑ මචන්.මේ සතියෙම වැඩේට බහිමුද.'
'ආ උඹට දැන් හදිස්සියි වගේ නේ.'

දෙන්නත් එක්ක උදේ ක්ලාස් ගිහින් හවස් වෙලා ටවුන් එකට එන්න කතා කරගෙන හිටියට එදා සෙට් එකම ක්ලාස් කට් කරපු නිසා පුරුදු පරිදිම එදාත් කට්ටියට බීච් යන්න වුනා.මට  බොන්න බෑ කියන කොට ඔක්කොම උන් හිනා වුනා.

'උඹ ඒ කාලෙ අපිට හිනාවුනේ කෙල්ලෝ හින්දා චාටර් වෙන්න එපා කියලා.දැන් මොකෝ මේ..'

එරා මං ඉස්සර කියපුව මතක් කර කර හිනා වෙනවා.

'මේ මූ ඒකීට ලව් කියල තාම ඒකි දන්නෙත් නෑ බන්.මූ බීමත් නවත්වලා..අපෝ මෙයා චාටර් බන්..'

කට්ටියගෙ කතන්දර හින්දම මම  ඇති වෙනකම් බිව්වා.
'උඹලට බොන්නනෙ ඕනෙ හරි මම බොන්නම්..'

එදා මම  මතක අමතක වෙන ගාණටම බිව්වා. මට ආයෙ පියවි සිහිය ආවෙ හවස් වෙලා.එදා ගමන එහෙමම මඟ ඇරුණා.

සඳුදා ස්කෝලෙ එනකොට කට්ටියම අමුතු අමුතු හිනා දානවා.

'බලපල්ලකො කුමාරයගෙ ලස්සන'
'මේ පරිස්සමෙන් හිටපල්ලා මෙයා සුරංගනා කතාවක කුමාරයෙක් හරිද..'

මේ කතාවල තේරුම මට තේරුම්ගියේ එරාගෙ ෆෝන් එකේ තිබුනු රෙකෝඩින් ඇහුවට පස්සේ.
එදා බීච් එකේදී කියපුව මට මතක නැතිවුනාට ඒව ඔක්කොම ෆෝන් එක මතක තියාගෙන.

'මම බොන එක නැවැත්තුවේ උඹලත් එක්ක තරහකට නෙවේ බන්. ඒකි පුන්චි සුරංගනාවියක් වගේ. ඉතින් සුරංගනාවියකට ආදරය කරන්න මාත් කුමාරයෙක් වෙන්න ඕනෙ නේද බන්.පොඩ්ඩක් හිතපල්ලකෝ.උඹල කැමති නැද්ද මම ලස්සන ආදර කතාවක් ලියනවට.මට උදව් කරපල්ලකෝ.
මීට පස්සෙ නම් උඹල මට නරක වැඩ වලට කතා කරන්න එපා.මට කුමාරයෙක් වෙන්න ඕනා.
මගේ පුන්චි සුරංගනාවි මගේම කර ගන්න ඕනා...'

මං  ඇස් ගෙඩි දෙක ලොකු කරගෙන කතාව අහන් ඉඳලා එරාට සිය පාරක් විතර කියල කියල යන්තම් ඒක ඩිලීට් කර ගත්තා..... 


___මතුසම්බන්ධයි____ 

ප .ලි - 01/02/2012 අද මට ගොඩාක් දුක හිතුන දවසක්. මේකත් ලගදීම විරහා කෙටි කතාවක් විදියට ලියවේවි ..... 

Newer Post Older Post

Leave a Reply