* මගේ සද ඔබ (2 කොටස )

හවස ගෙදර ගිහින් FB ලොග් වුනේ කම්මැලිකමට.මුළු wall එකම පිරිල.congratz bro for your first love..........
සෙන්ටගෙ පෝස්ට් එකට හැමෝම කමෙන්ට් කරලා..
කමක් නෑ හොරෙන්ම කර ගනින්..
කවුද බන් ඒ අවාසනාවන්තිය....
කවුද බන් ඒ ලකී ගර්ල්...
පාර්ටි එක කවදද...


ඔය වගේ එක එක ජාතියේ කමෙන්ට් අතරින් සෙන්ට අන්තිමට මෙහෙමත් දාලා...
ගමෙන්ම එකක් හොයා ගත්ත එක හොදයි මචෝ.

මගෙ ඇස් උඩ ගියා.මූ කොහොමද මේක දැන ගත්තේ...මම අනිතිමටම කමෙන්ට් කලා....
උඹල ඔක්කොටම පිස්සු...කියලා..

පහුවදා ස්කෝලෙ යනකොට බ්ලැක් බෝර්ඩ් එක පිරෙන්න එක එක ඒව ලියලා.දකින දකින් එකා සුබ පතනවා.පන්තියෙ කෙල්ලොත් අහනවා ඒ කවුද කියල කියපන් කියලා..

'අභිනව පෙම් කුමරාට අපෙන් සුබ පැතුම්..'

'අනේ මේ සෙනට උඹට මොකක්ද බන් හැදුනු පිස්සුව..'

'පිස්සු හැදිල තියෙන්නේ අපිට නෙමෙයි මල්ලී..ඔයාට ඒත් උඹට මේ සෙන්ටට හංගල කිසිම දෙයක් කරන්න බෑ හරිද..'

'දැන් උඹල ඔය කා ගැනද කියන්නේ..'

'අපි දන්නෙ කොහොමද උඹ කියන්නේ නැතිව.කවුද කියල කියපන් උඹට ගමෙන් සෙට් වෙලා ඉන්න කෑල්ල.'

'මොන කෑලිද බන්..'

'අනේ පලයන් බන් යන්න වෙනද ටවුන් එකට එන්නෙ නැතිව එක දවසක් ඉන්න බැරි මිනිහා දැන් ගමෙන් හෙල්ලෙන්නෙ නෑ....උඹල හැරෙන කොට අපිට තේරෙනවා හරිද..'

සෙන්ටත් එක්ක කතා කරල බේරේන්න බැරි නිසා මං  නිහඬ වුනා.
ඒ අස්සෙ එරා සෙනසුරාදා පන්ති යන්නෙ නැතිව බීච් ගිහින් සෙට් වෙන්නත් ප්ලෑන් කරල ඉවරයි.ඌට නම් මොන දේ උනත් කමක් නෑ සෙට් වෙන්න තියෙනවනම්..

සෙන්ට ගෙන් දවසෙම බේරිල්ලක් නෑ විස්තර අහනවා.එහෙම එකක් නෑ කිව්වට පිලිගන්නෙම නෑ.

'සෙන්ට උඹට මම ඇත්තම කියන්නම්.පොඩි නංගි කෙනෙක් මට එයත් එක්ක කතා කරන්න ඕන එච්චරයි.ඒත් තාම එයා මාත් එක්ක කතා කරන්නෙ නෑ...'

'ඉතින් කියපන් අපිට හෙල්ප් එකක් දෙන්න බැරිද...'
සවින්දක සෙන්ටට විස්තරේ කිව්වා...
'ඉතින් ඒකිව හම්බ වෙලා උඹ ඒකිට ලව් කියල කෙලින්ම කියපන්..'

'උඹට පිස්සුද ඒකි තාම පොඩියිනේ...අනික කෝමද බන් එහෙම අහන්නේ..'

'දැන් උඹ හදන්නේ ඒකිට හිතින් ලව් කර කර ඉන්නද...'
සෙන්ටගෙ කතාව ගැන සවින්දක පොඩ්ඩක් හිතල බැළුවා.
ඇත්තටම මම එයාට ආදරෙයිද...නෑ නෑ එහෙම නෑ...මම කොහොමද එයාට ආදරය කරන්නේ..



මම  හැමදාම ස්කෝලෙ ඉවර වෙන වෙලාවට සඳිති යන දිහා බලාගෙන හිටියට යාළුවො දකීවි කියලා කතා කරන්න ගියෙ නෑ.
කොහොම හරි ඒ සතිය ඉවර වෙලා සෙනසුරාදා දවසත් උදා වුනා.මං  එදා ක්ලාස් ගියේ අද නම කට්ටියගෙන් බේරුමක් නැති බව දැන ගෙනමයි.
අපි  A/L වලට ක්ලාස් ගියේ   එහා නගරයට.ඉතින් ලැබෙන නිදහස ගොඩාක් වැඩි එකක්.එදත් අපි  යනකොට කට්ටිය ඔක්කොම හිටියෙ එකට.
මාසෙ පලවෙනි දවසට ක්ලාස් කට් කරන්නේ ජොලියට එදාට ක්ලාස් පීස් ඉවර වුනාට පස්සෙ මුළු මාසෙම ක්ලාස් යන්න වෙන්නෙ නෑ.A/L පටන් ගත්ත මුල් කාලෙ ඉදන්ම මේ ගොල්ලට වුනෙත් මේ ටිකම තමයි.

කට්ටිය ගනන් මිනුම් එකතු කරල බලල වෙනද වගේම එරා මූලිකත්වය අරන් වැඩේ සෙට් කරා.වෙනදා පුරුදු බීච් එකේ.
සෙන්ට වෙනදා වගේම මුලින්ම කරන්නේ පොත් වල දින වෙනස් කරන එක.ගෙදර ගිහින් අම්මට පෙන්වන්න.වැඩේ පටන් අරන් ටික කට්ටිය ටික ටික කතා වැඩි කරත් වෙනදට වඩා  හරි වෙනස්.


යාළුවො ටික කොච්චර බල කලත් කිසිම දෙයක් නොකිය හිටියත් අන්තිමේදී මං  හැමදේම කිව්වා.
'යකෝ මූ මෙච්චර කලක් ඉඳල දැන් හදන්නේ බාල අපරාධ කරන්නනේ.'
'අනේ මේ එරා මෙතන උඹල හිතන විදිහෙ දෙයක් නෑ.මට ඕනා එයාව මගෙම නංගි කෙනෙක් වගේ හැමදාම තියාගන්න විතරයි.'

'හරි හරි ඔහොම තමයි මුලින් පටන් ගන්නේ අපි බලමුකෝ අපිත් ඉන්නේ ලංකාවෙනේ.'
'මොනව වුනත් උඹට ඕන සප් එකක් අපි දෙනවා.'

ඉරිද අපි  ගෙදර හිටියත් දහම් පාසැල් ඉවර වෙන වෙලාවට බොහොම අමාරුවෙන් එහෙ නොගිහින් ඉන්න තීරණය කලා.

සඳුද ස්කෝලෙ ගිය ගමන් සෙන්ට ආවෙ වීරයෙක් වගේ විස්තර ගොඩාක් හොයාගෙන.
''එයා ඉන්නෙ 9 A පන්තියේ.හැමදාම පන්තියෙ පලවෙනියා.තව විස්තර තියෙනවා ඒව පසුව.දන්නවනේ ඉතින් මේ සෙන්ටගෙ වැඩ.'
සඳිතිගෙ හොදම යාළුව ඉන්නෙ සෙනටගෙ ගෙවල් ලඟ එයාගෙන් තමයි සෙන්ට විස්තර හොයාගෙන තියෙන්නේ.
කාලය ගෙවිල යද්දි හැමදාම ස්කෝලෙ ඇරෙන වෙලාවට ගිහින් සඳිතිත් එක්ක කතා කරන එක මගෙ පුරුද්දක් වුනා.ඒත් ඒ වෙලාවට කතා කරන්න පුළුවන් වුනේ උපරිම වචන දෙක තුනයි.සමහරදාට හිනාවක් විතරයි. 



___ මතු සම්බන්දයි ____

Newer Post Older Post

Leave a Reply