* මගේ සද ඔබ (1 කොටස )

'තාම නිදිද යන්නෙ නැද්ද' පොඩි කමරයට ආවෙ එහෙම අහගෙන.අවුරුදු උත්සවය බලන්න යන්න එච්චරම ආසාවක් මට නොතිබ්බට නොගිහින් බැරි කමට මම  යන්න ලැහැස්ති වුනා.

අපේ  ගෙවල් තිබුනෙ ගමක.මමත් පුන්චි කාලෙ ගමේ ස්කෝලෙට ගිහින් 5 ශිශ්‍යත්වය පාස් වෙලා නගරයෙ පාසැලට ගියා.දැන් මම  ඉන්නෙ උසස් පෙල පන්තිවල ඉගෙන ගන්නෙ ජීව විද්‍යා අංශයෙන්.ඒත් මම  ස්කෝලෙ වැඩිපුරම කලේ බාහිර වැඩ.ක්‍රීඩා වලදි හැමතැනදිම මම  ඉදිරියෙන් හිටියා.මේ පාර පාසැල් ක්‍රිකට් කණ්ඩායමේ දක්ශතම ක්‍රීඩකයා වුනේත්  මම .ඒ වගේම ලබන වසරෙ කණ්ඩායමේ නායකත්වය දරන්නත් නියමිතව ඉන්නේ මම .නාගරික ක්‍රීඩා සමාජයෙත් මට හොද තැනක් තිබුනා.


'අද මැච් එක කොහොම හරි ගහන්නම ඕන' පොඩි කියන්නෙ අවුරුදු උත්සවය අතරදි තියෙන විවාහක අවිවාහක ක්‍රිකට් මැච් එක ගැන.මට නම් ඒක මහ ලොකු දෙයක් නෙවෙයි.කොහොමත් සොෆ්ට් බෝල් සෙල්ලම් කරන්න මම  වැඩි කැමැත්තක් නෑ.ඒත් ඉතින් ගමේ වැඩේ හින්ද නොගිහින් බෑනේ.

පොඩි කියන්නේ මගෙ නැන්දගෙ පුතා.මට වඩා අවුරුදු දෙකකින් බාලයි.යන්නෙ ගමේ ස්කෝලෙට.මට ගමේ රැදෙන්න වෙලාව බොහොම අඩුයි.දවස් පහේම ස්කෝලෙ හවසට් ප්‍රැක්ටිස්.සෙනසුරාදා ඉරිදට ක්ලබ් මැචස් නැත්නම් ක්ලාස්.ඒත් මට ගමේ හොද පිලිගැනීමක් තිබුනා.

අවුරුදු උත්සවේ එහෙමෙහෙ කැරකිලා ඉදලා දවල් වෙද්දි මැච් එක පටන් ගත්තා.අපි  මැච් එක දිනුම්.හැමෝටම මාර ෆිට්.මම  හොදට වැඩ පෙන්නුවා.අන්තිමට මැච් දිනන කොට බැට් කලේ මමයි  පොඩියි.මේ ජයග්‍රහණය මට ඒ තරම් දෙයක් නොවුනත් පොඩිට නම් ඉහටත් උඩින්.'නියමයි සුදු අයියා' කියල පොඩි මාව  බදා ගත්තා.මට ගෙදරට කියන්නේ සුදු පුතා කියලා.

'තමුසෙ තව ටිකක් ඉදල එනවා මම යනවා' මම  පොඩිට ඉන්න කියල ගෙදර යන්න බයිසිකලයට නැග්ග වෙලේ තමයි නංගිව දැක්කේ.සවින්දි ම  ගෙ එකම නංගි.එයා අවුරුදු උත්සවේ බලන්න ආවෙ උදේමයි.ඒත් මෙච්චර වෙලා මම  නංගිව දැක්කෙම නෑ.

'මම ගෙදර යනවා'  එහෙම කියනකොට තමයි දැක්කේ නංගිත් එක්ක හිටපු අනෙත් නංගිල දෙන්නව.ඒ දෙන්න කවුද කියල මම  දන්නෙ නෑ.ඒ දෙන්නගෙන් පොඩි එක්කෙනා නම් මම  දිහා බලල හිනා වුනා.ටිකක් විතර ලොකු එක්කෙනා මං  දිහා බලල ආයෙ බිම බලා ගත්තා.මට කවදාවත්ම නැතිව එයා දිහා තව පාරක් බලන්න හිතුනා....කවදාවත්ම නැතිව.

මට ගැහැණු ළමයි ගැන වැඩිය හැඟීමක් තිබුනෙ නෑ.මට  ස්කෝලෙ ගොඩක් ගැහැණු ළමයි කැමතියි.පන්තියෙ යාළුවො මට හැමදාම කියනව මොකක්ද බන් හොද කෑල්ලක් සෙට් කර ගනින් කියලා.ඒත් මට එහෙම හිතුනෙ නෑ.

ගෙදර ගියාට මගෙ හිත තිබුනෙ අවුරුදු උත්සවය ලග.තව ටික වෙලාවක් ඉදල ආවනම් හරි.ඒත් ආයෙත් යන්නත් කම්මැලියි.කොහොම හරි  බලන් හිටියේ නංගි ගෙදර එනකම්.
එකපාරට අහන්නත් බැරි හින්දා එහෙ මෙහෙ විසතර අහලා කාරණාව ඇහුවා.
'කවුද අර තමුසෙත් එක්ක හිටපු නංගිලා......' 'කවුද තරු ලද.. ඒ කුසුම ටීච්ර්ගෙ දූල දෙන්න නේ.ඇයි ඔයා දන්නෙ නැද්ද ඒ ලොකු නංගි යන්නෙ ඔයාලගෙ ස්කෝලෙනෙ.'

කුසුම ටීචර් ම ගෙ පුන්චි කාලෙ ගුරුතුමී.මට හරිම ආදරෙයි.

'මම දැකල නෑනේ.කීය වසෙරෙද එයා ඉන්නේ.මොකක්ද එයාගෙ නම.'එහෙම ඇහුව නෙමෙයි එහෙම ඇහුනා.'මොනවද හලෝ ස්කෝලෙ ඉන්න අයවත් දන්නෙ නැද්ද.එයා සඳිති ඉන්නෙ 9 වසරේ.එයා නම් ඔයාව දන්නවා.'
'අපේ ස්කෝලෙ මාව දන්නෙ නැත්තෙ කවුද හලෝ'

මම  එහෙම කියල එතනින් ගියා.

සඳිති,තරු කුසුම ටීචර්ගෙ දූල දෙන්න.ඒ ගොල්ලන්ගෙ තාත්තා නෑ.අම්මයි ආච්ච් අම්මයි විතරයි ඉන්නේ.සදීති යන්නෙ නගරයෙ පාසැලට.තරු යන්නෙ ගමේ පාසැලට.තරු හරි කට කාරයි.තාම 5 වසරෙ ඉන්නෙ.

  ජීවිතේ පලවෙනි වතාවට ඇස් දෙකක් ලඟ අතරම්ංවුනා.එක බැල්මක් ලඟ හිතා ගන්න බැරි තේරුම් ගන්න බැරි සිතිවිලි දහසක් අතර අතරම්ංවුනා..... 

 එදා රෑ  නින්ද ගියෙ ගොඩාක් වෙලා ගිහින් උදේ නැගිටින කොට මතක වුනේ රෑ දැකපු ලස්සන හීන.'ආයෙ කවදද මට එයාව දකින්න හම්බ වෙන්නෙ....'
උදේම ෆෝන් එක නාද වෙනවා.සෙන්ට ගෙන් කෝල් එකක්.
සෙන්ට සවින්දකගෙ ස්කෝලෙ හොදම යාළුවවා ඇත්ත නම ඒක නොවුනත් හැමෝම කතා කලේ ඒ නමින්.
'අද එනවද ටවුන් පැත්තේ.'
'දවල් වෙලා එන්නම්'

නිවාඩු දවස් වලට සවින්දක වැඩිපුරම කලේ ටවුන් එකේ වල ගහන එක.උදේට ගියාම හවස වෙනකම්ම ටවුන් එකේ.යාළුවොත් එක්ක සෙට් වෙලා හොරාට සිගරැට් එකක් බොන එක,සමහරදාට පොඩි ශොට් එකක් ගන්න එකේ බරපතල කමක් මට  දැනුනෙ නෑ.

පුරුද්දට ටවුන් ගියාට  දැනුනේ කවදාවත් නොදැනුනු පාළුවක්.වෙනද වගේ නෙවෙයි කලින්ම  ගෙදර ආවා.ඒත් ගෙදර ආවාම ගෙදර ඉන්න එක ඊට වඩා අමාරුයි.

ඔය විදිහට දවස් දෙක තුනක් ගෙවිලා ගියා.අම්මලා පන්සල් යන්න ලැහැස්ති වෙනවා.අද පෝය නේද කියලා  මතක් වුනේ එතකොට.
'යමු මාත් පන්සල් එනවා.'
'මේ මොකද මේ...'
නංගි එහෙම ඇහුවේ පුදුම වෙලා.
පුන්චි කාලෙ ගියාට පස්සෙ කවදාවත් පෝයට පන්සල් ගිහින් නෑ.අම්මල කොච්චර කතා කලත් මොකක් හරි කියල  ඒක මඟ හරිනවා.
පන්සලට ගිය වෙලාවෙ ඉදන්ම මම  හෙව්වේ ඒ ඇස් දෙක.පන්සල් වත්ත පුරාම ඇවිද්දත්  තාම එයාව දකින්න හම්බ වුනේ නෑ.
'සුදු පුතා මෙහෙ එන්න.'
අම්මට කොච්චර එපා කිව්වත් හැමතැනදිම අම්මා මට කතා කරන්නෙ සුදු පුතා කියල තමයි.
සවින්දක එක පාරට තිගැස්සුනා වගේ.අම්ම ඉන්නෙ කුසුම ටීචර් එක්ක.තරුයි සඳිතියි ත් එතන.

'ආ ඉලන්දාරියා දැන් වැඩිය පේන්න නැහැනේ.දැන් ලොකු මිනිහෙක්නේ'
කුසුම ටීචර්ගෙ ප්‍රශ්නෙට උත්තර දුන්නෙ අම්මා.
'කොහෙ දකින්නද මිස් මේ ටිකේ තමයි ඔය ගෙදර ඉන්නේ නැත්නම් හැමදාම මැච් කියලා උදේට යනවා එන්නෙ මම රෑට.මම බයේ ඉන්නෙ ඕව හින්දා විභාගෙ කර ගන්නෙ නැතිව ඉදී කියලා.'
අම්මගෙ පුරුදු රෙකෝඩ් එක එතනටත්.

'එහෙම තමයි හැමදේම එකට කරන්න ඕනේ.අම්මට බය නැතිව ඉන්න කියන්නකෝ නේද සවින්දක.මම දන්නවනේ කොල්ල හපනා කියලා..'
කුසුම ටීචර් තාමත් සවින්දක ගැන විශ්වාසයි.

නංගිත් ගෙදර ඇවිත් කියනවා ඔයා ගැන.ඔයා දන්නවනේ නංගිව එයත් ඔය ගොල්ලන්ගෙ ස්කෝලෙනේ යන්නේ..'
එතකොටවත් සඳිති මුහුණ ඉස්සුවේ නෑ.ඔය ටික වෙලාවට කිහිප පාරක සඳිති දිහා බැලෙන්න ඇද්ද.
'පුතාල ඔහොම ඉන්න අපි ලොකු හාමුදුරුවො හම්බ වෙලා එන්නම්..'

අම්මත් එක්ක කුසුම ටීචර් යන්න ගියා.
මම  අමාරුවෙන් කට ඇරියා.
'ඔයා මොනවද ගෙදර ඇවිත් මං ගැන කියන්නේ....'
සඳිති ඒත් බිම බලාගෙන උත්තර දුන්නෙ තරු.
'ඔයාට තෑගි හම්බ වුනත් එයා කියනවා.මැච් වල ලකූනු ගැහුවත් එයා කියනවා.'
නංගිගෙ අත මිරික මිරික සඳිති ඒත් බිම බලාගෙන.
'අක්කට කතා කරන්න බැරිද.'
'පුළුවන් '
තරු එහෙම කිව්වත් සඳිති කතා කලේ නෑ.
'ඔයාත් එන්න අපේ ස්කෝලෙට.'
'මම විභාගෙ පාස් වෙලා එනවා...'
පුන්චි තරු එහෙම කිව්වා.
අම්මල ආව හින්දා ඒ ගොල්ලො යන්න ගියා.
'ටටා..'
තරු අත වනල යන දිහා මම  බලා ගෙන හිටියා.
'මොකද ගල් වෙලාද..'
පොඩි ආවෙ එතකොට.
'තරු හරි හුරතල් කෙල්ලෙ නේ බන්...'
'ඇයි තරු ලගෙ අක්ක හොද නැද්ද.'

පොඩි එහෙම අහන කොට නම් මාව  ගැස්සුනා.
'ඒකි හරි ආඩම්බරයිනේ..'
පොඩිට මොකවත් තේරිලද කියලා පුන්චි සැකයක්  දැනුනා.
'හරි අයියා ඔයා බලන්නකෝ මේ පොඩි එයාගෙ ආඩම්බර බස්සවන හැටි.'
මූ මොනවද මේ කියන්නේ එහෙම හිතුනට ඒගැන හාර අවුස්සන්න සවින්දකට ඕන වුනේ නෑ.

හැමතැනම සඳ එලියෙන් නැහැවිලා..මගෙ හිත විතරක් කළුවරයි
ඒත් මගෙ ලොවට එලිය දෙන්න මගේ සඳ කවදද මගෙම වෙන්නේ..

  කවදාවත් නැති කවි පේලියක් ලිව්වා..

එයාව මගේ සඳ කර ගන්න පුළුවන්ද.........


 කාලය ටික ටික ගෙවිල ගිහින් ස්කෝලෙ පටන් ගන්න දවසත් උදා වුනා.අළුත් වාරය පටන් ගන්න දවස.ටීචර් ල හැමෝම ලොකු දේශන දෙනවා.
'ළමයි දැන් ඉතින් ස්පෝට් මීට්, බිග් මැච් ඉවරයි.දැන් පන්තියෙ වැඩ කරගෙන ඉන්න ඕනා.'

මේක නම් මටම කිව්ව වගේ.පළවෙනි වාරෙ පන්තියෙ වැඩියෙන්ම හිටියෙ නැත්තෙ මම .පන්තියෙ ඉන්න එක නම් එපා වෙන වැඩක්.chemistry ටීචර් ගෙ උදේ පීරියඩ් දෙකෙන් පස්සෙ,bio පීරියඩ් දෙක.මේ පන්තියට ආව මුල් දවසෙම මට හිතුණෙ ටීචර්ගෙ නෝට් බුක් එක ඉස්ස්සුවනම් පන්තියට එන්න ඕනෙම නෑ කියලා.bio teacher කරන්නෙ ඒ පොතේ තියෙන නෝට් ට්ක කියවන එක විතරමයි.හවසට physics ඒකත් එපාම වෙනවා.ඒත් ටීචර් ටිකක් හොද හින්දා පොඩ්ඩක් ශේප්.මේ අතරෙ  හිතේ අර පුන්චි ඇස් දෙකත් සෙල්ලම් කරනවා.ඉන්ටර්වල් එක වෙලාවේ සෙන්ටවත් ඇදගෙන 9 වසර පන්ති පැත්තෙ ගියාට ඒ දෙක නම් දකින්න හම්බ වුනේ නෑ.පලවෙනි දවසත් ඉවරයි.ස්කෝලෙ ගේට් එක ගාවට වෙලා මං  බලා හිටියේ සඳිති වෑන් එකට නඟින්න එනකම් ඒත් එයා වෑන් එකට නඟින තැනක් හොයා ගන්න  බැරිවුනා.

ඔය විදිහට දවස දවස ගෙවිල ගියා.ස්කෝලෙ යාළුවොත් එක්කපිස්සුකෙලිනඑකයි,සූත්‍ර,සමීකරණ,න්‍යාය වලින් හිත හොඳටම පිරිල හින්දා සවින්දකට සඳිති ගැන හිතන්න වෙලාවක් තිබුණෙ නෑ.ඒ සතියෙ අන්තිම දවස සිකුරාදා.එදා නම් ස්කෝලෙ ඇරිලා  ගේට් එක ලඟ හිටියේ යාළුවො ටික එනකම්...

'සුදු අයියේ....ඔයා මොකද මෙතන කරන්නේ....'

මං  ඇත්තටම ගැස්සුනා.සුදු අයියේ කියල කතා කරන්නෙ ගෙදරදි නංගි විතරයි.ස්කෝලෙදි කවුද එහෙම කියන්නේ..
සඳිති.....
මට ඇස් අදහා ගන්න බැරිවුනා.
'මොකුත් නෑ මං මේ යාළුවො එනකම් ඉන්නේ....'
'එහෙනම් මම යනවා...'
ඒ මොහොත නම් හීනයක්ම තමයි.නොසිතු වෙලාවක එක පාරටම සඳිති කතා කරපු එක හීනයක් වගේ තමයි.
මට කවදාවත් විඳල නැති අමුතු අමුතු හැඟීම් ගොඩාක් දැනූනා.ඒ වචන ටික  හිතේ තත්පරයෙන් තත්පරය රැව් දෙන්න ගත්තා.....
සෙනසුරාදා පන්ති යන්න  හිතුනෙ නෑ.දවසෙම කලේ කාමරයට වෙලා මනෝ ගහපු එක.හවස පොඩි එක්ක පිට්ටනියට ගියේ එතනට සඳිති ලගෙ ගේ පේන හින්දා.
ඉරිදා උදේ නංගිත් දහම් පාසැල් ගිහින්,පොඩිත් දහම් පාසැල් ගිහින්..
'අම්මේ නංගිලට දහම් පාසැල් ඉවරවෙන්නෙ කීයටද..'
කොහොම හරි අම්මගෙන් වෙලාව අහගෙන මං  සයිකලයට නැග්ග
'අම්මේ දහම් පාසැල් ඉවර වෙන වෙලාවට පොඩි එන්න කිව්වා.මම පොඩ්ඩක් ගිහින් එන්නම්..'
'ඒ පාර අළුත් සෙල්ලමක් පටන් ගත්තද.ගෙදර ඉදන් ගමේ රවුම් ගහන්න...'
මොන දේ කරත් ඒකෙ වැරද්දක් අම්මට නම් පේනවා.
'ඉතින් අම්මමනේ කියන්නේ ගමෙත් පොඩ්ඩක් ඇවිදල ඉදපන් කියලා...'
සවින්දක පන්සලේ ගේට්ටුව ගාවට වෙලා බලාගෙන හිටියා.
නංගියි,තරුයි,සඳිතියි එක්ක පොඩිත් එනවා දැක්කම මට එක පාරටම මතක් වුනේ එදා පොඩි කියපු කතාව.
ළමා සාරියට සඳිති හරිම ලස්සනයි.දැක්කම ඇස් අහකට ගන්න හිතෙන්නේ නෑ.
'මෙයා මොකද මේ'
නංගිගෙ කට නම් කොහෙදිත් එකයි.
'ඇයි අපිට එන්න තහනම් ද..නේද තරු..'
හ්ම්ම්..'
තරු හුරතල් වෙවී උත්තර දුන්නා.ඒත් සඳිති වෙනද වගේම බිම බලාගෙන. එදා ස්කෝලෙදි කතා කලාට පස්සෙ අද එයා හිනාවේවි වත් කියලා මං  බලාපොරොත්තු වුනා.ඒත් වෙනද වගේම එයා බිම බලාගෙන.
කෙල්ලෝ කියන්නේ තේරුම් ගන්න අමාරු මහ පුදුම ජාතියක්කොහොම කතාවත් කොහෙදි හරි මම  අහල තියෙනවා...
ඒත් මෙයාව නම් තේරුම් ගන්නම වෙනවා...


______ මතු සම්බන්දයි _____

Newer Post Older Post

5 Responses to “* මගේ සද ඔබ (1 කොටස )”

  1. දිග වැඩි උනාම කියවන්න කම්මැලි වගේ ද ?

    …මට නම් එහෙමයි

    ReplyDelete
  2. ඇත්ත ටිකක් කම්මැලියි.. ‍පොඩි කොටස් ලියන්න.වැඩේ නියමයි.
    අපේ බ්ලොග් එකෙත් කතාවක් යනවා කැමතිකම් බලන්න.

    සුභපැතුම්!!

    kiripeni.blogspot.com

    ReplyDelete
  3. හප්පා හෙන දිග කථාවක් නේ ....

    ReplyDelete
    Replies
    1. ඔව් ටිකක් දිග කතාවක් පොඩි කොටස් වලින් දැම්මොත් කොටස් 20 ක් වත් තියේයි.

      Delete