*මගේ සද ඔබ (5 කොටස)

මම  එදා ගෙදර ගිහින් හැමතිස්සෙම කල්පනා කලේ තමන් කරපු වැඩේ හරිද කියල.
අපරාදේ එයාට දැන්ම ඒක නොකිය ඉන්න තිබුනෙ.මගේ  හිත එහෙම කිව්ව. එයා මොනව කරයිද ගෙදරට කියයිද,ස්කෝලෙ ටීචර්ලට කියයිද ඔට්ය වගේ ගොඩක් දේවල් හිතේ තෙරපිලා එදා රැයත් නින්ද නැතිවම ගෙවිලා ගියා.
ඊළඟ දවසෙ මං  හිටියෙ ගෙදර.නංගිලා දහම් පාසැල් ගිහින් ඇවිත් හවස නංගි පොඩිට හොදටම බනිනවා මම  අහගෙන හිටියා.
'තමුසෙ නම් මහ ඕනෙම නැති වැඩ කරන්නේ.මම යන්තම් කියලා එයාව ශේප් කරේ නැත්නම් තමුසෙව එයා ගෙදරටත් කියනවා.'
'ඉතින් මම බය වෙයි.'
මොනදේ වුනත් පොඩීගෙ කට අඩු වෙන්නෙ නෑ.
'හැබැයි ආයෙ ඕවට ආවොතින් මම තමුසෙලා ගෙදරට කියනවා.'
මම  කතාව අහගෙන ඉදලා පොඩිව කාමරයට එක්කන් ආවෙ විස්තරය දැනගන්න.
'නෑ සුදු අයියෙ මම අරයගෙන් ඇහුවා.'



'කාගෙන්ද'
මම  ගොඩාක් කලබල වුනත් ඒක ඇඟ නොවෙන විදිහට එහෙම ඇහුවා.
'සඳිතිගෙන් හලෝ.'
'නෑ ඉතින් එයා මොනවද කිව්වේ.'
'එයා මුකුත් කිව්වෙ නෑ බයවෙලා වගේ ගියා.ගිහින් තමයි අරයට කියලා තියෙන්නේ.එයා කැමතිද අකමැතිද කියලා දැන ගන්නවත් කලින් අරයා මැරෙන්න හදනවනේ.'
මං  පොඩ්ඩක් නෙවෙයි ගොඩාක් බයවුනා.
ඒත් සඳිති තමන් ගැන නංගිට කියල නෑ හිත හදා ගත්තා.එහෙම වුනා නම් නංගි මට  බනින්නෙත් මේ විදිහට බව මම  දන්නවා.
පහුවදා ස්කෝලෙ ගිහින් හවස ගේට්ටුව ගාවට ගියාට සඳිති ආවෙ නෑ.එයාට වෙන යන්න තැනකුත් නෑ.ඒකියන්නේ එයා අද ස්කෝලෙ ඇවිත් නෑ.මගේ  හිතට ආයෙම එක එක දේවල් එන්න ගත්තා.
ඊලඟ දවසෙත් එයා ස්කෝලෙ ආවෙ නෑ.මං එදා කලින්ම ගෙදර ගියේ නංගිගෙන් මොනව හරි දැන ගන්න පුළුවන් වේවි කියල හිතාගෙන.
ඒත් එකපාරටම නංගිගෙන් අහන්න බැරි කමට හිත හිත ඉන්න කොටම නංගි අම්මත් එක්ක කතා කරනවා ම ට ඇහුණා.
'අම්මේ මම සඳිතිව ටිකක් බලල එන්නම් එයා ලෙඩ වෙලාලු.මට අද තරු කිව්වේ.'
මම  හරියට හුස්ම ගත්තෙ ඒ කතාව ඇහුවට පස්සෙ.නංගිත් එක්ක සඳිතිව බලන්න යන්න කියලා හිත කොච්චර කිව්වත් එකපාරටම එහෙ යන්න බැරි හින්දා වගේම සඳිති ඒ වෙලාවට කොහොම මුහුණ දෙයිද කියන ප්‍රශ්ණය හින්දා මං  ඒ අදහස හංග ගත්තා.
සඳිති ආයෙ ස්කෝලෙ ආවෙ ඊටත් පස්සෙ දවසෙ.එයාව නොදැක හිටපු දවස් කිහිපය හරියට කල්පයක් වගේ මට දැනුනේ.
සමට දැනගන්න ඕන වුන මුල්ම දේ එයා තරහද නැද්ද කියන එක. සඳිති ව හම්බ වෙන්න ගේට්ටුව ලඟ බලන් හිටියේ ඒ හින්දා.
'ඔයාට දැන් සනීපද'
'දැන් නම් හොදයි'
'ඉතින් ඇයි එකපාරටම ලෙඩ වුනේ'
'එකපාරටම නෙවෙයිනේ ටික ටික තමයි ලෙඩ වුනේ'
යන්තම් ඇති එයා වෙනද වගේම කතා කරනවා.මගේ  හිතට ඒකෙන් ලොකු සැහැල්ලුවක් දැනුනා.
ඊළඟ සෙනසුරාදාත් මම  සෙන්ටත් එක්ක සඳිතිව හම්බ වෙන්න ක්ලාස් ඉවර වෙනකම් හිටියා.
'මම නම් ගොඩාක් බය වුනා ඔයා ස්කෝලෙ ආවෙ නැතිවුනාම'
'ඇයි ඒ ඔයා බය වුනේ'
'නෑ ඉතින් ඔයා එකපාරටම නැතිවුනාම මට බය හිතෙන්නෙ නැද්ද.'
ආයෙමත් පුන්චි නිහඬතාවයකට පස්සෙ මම  කතා කරා.
'එදා මම කිව්ව එක ගැන ඔයා කල්පනා කරා.'
සඳිති කතා කරන් නැතිව බිම බලා ගත්තා.
'නෑ ඉතින් තාම හිතුවෙ නැත්නම් කමක් නෑ.හෙමිහිට හිතන්නකෝ'
'සුදු අයියේ අපි මේ විදිහට හැමදාම ඉමු.තාම ඕව හිතන්න අපි පොඩි වැඩියිනේ.'
මම  ඒකට උත්තර දෙන්න ගියේ නෑ.ඒත් කවද හරි සඳිති තමන්ට කැමති වෙනව කියල ලොකු විශ්වාසයක් මට  ඇතිවුනා.

_____මතුසම්බන්ධයි_____

Newer Post Older Post

Leave a Reply