*ඔබ එන්න සුලගේ දැවටිලා...(2& අවසාන කොටස)

හැමදාමත් වගේ පොත් පත් අතරේ ඔහේ කාලය ගත උනා.පාඩම් කරන අතරතුරේදි ඔහුව මතක් නොවුනමත් නෙවෙයි.
හොදට දැකල පුරුදුයි ඉශා.මම කොහේදි හරි මීට කලින් එයාව දැකල තියෙනවා.
සoසාර පුරුද්ද වෙන්නැති.ඉශා මගේ අතට තට්ටුවක් දාල සරදමට වගේ එහෙම කියල හිනා වුනා.


එන්න එන්නම විභාගෙට කිට්ටු වුනා.නමක් නොදන්න ඔහුත් පන්ති ආවා.හැමදමත් හිනා වුනා.ඒත් වචනයක් වත් කතා කරේ නෑ එක දවසක්වත්.ඉශායි දේදුයි හොරෙන් හිනා වෙන නමක් නැති ඔහුට හොර පූසා කියල නමකුත් දැම්මා.
හොර පූසගෙ ලස්සන හිනාව මගේ හිතට ආදරේ කියන සිතුවිල්ල ගැන හිතන්න පුරුදු කරන්න උත්සාහ කරා.
ඒත් ඒ සිතුවිලි මගේ සුසුම් එක්ක සුළඟට පා කරල යවන්න මම නිතරම උත්සාහ කරා.ඔහුට මගේ සිතේ ඉඩක් නෑ.

Good morning ආ...අද කොල්ලත් එක්කනේ කෙල්ල ඇවිත් තියෙන්නෙ.දේදු එහෙම කියන කොට මගේ එහා පැත්තෙ පේළියෙන් හොර පූසා වාඩි උනා.මම ආවේ ඒකත් එක්ක නෙවෙයි හලෝ."අර බලපන්කො ලා නිල් පාට ඉරි ඉරි ශර්ට් එකට උගේ ලස්සන."
මම ඒ පැත්ත බලනකොට වෙනද වගේම යාන්තමට හිනා උනා.
"ඔය ඇස් වලින් කියන දේ මට නොතේරෙනව නෙවෙයි ඒත් කවදාවත් එහෙම වෙන්නෙ නෑ."මම මටම කියාගත්තා.


පිටි පස්සෙන් ආපු චිට් එක මම ඉස්සරහ පේළියේ කොනේ ළමයට දෙද්දි සර්ට නෙවෙයි ඕක ඔයාට එහා පැත්තෙ කොල්ලක් හෙමිහිට එහෙම කිව්වා.
මේ මොන මරාලයක් ද?මම චිට් එක පොඩි කරල බිමට දැම්මා.
හිමා මේක අරූ එවල තියෙන්නෙ.පව් මේකට උත්තරයක් දීපන් උඹත් බලන් හිටියෙ ඌ මේක අහන්කම් නෙ.ඉශා චිට් එක මගේ අතට දුන්නා.


හිමාශි,
අහස් ගැබේ තරු කැට ගානේ
පොළෝ තලේ වැලි කැට ගානේ
නිල් සයුරේ රළ පෙල ගානේ
ආදරෙයි මo ආදරෙයි ...
හිමාන්
071xxxxxxx
ඉක්මනට පිළිතුරක් දෙන්න මම බලන් ඉන්නවා.


 මම කැමති නෑ මට කියන්න තියෙන්නෙ එච්චරයි.තරමක් හයියෙන් මම කිව්වෙ හිමාන්ටත් ඇහෙන්න.

හිමා අරූ පන්තියෙ නෑනේ කොල්ලට ලැජ්ජ හිතුනද දන්නෙ නෑ.උඹ හය්යෙන්නෙ කිව්වෙ උගේ යාලුවන්ටත් ඇහෙන්න ඇති.

ඇයි හිමාන්ට අකමැති?ඉශාත් දේදුත් එකපාරම ඇහුවා.

හරියට නමක් ගමක් දන්නෙ නැති ආශ්‍රය කරලවත් නැති මිනිහෙක්ට ආදරේ කරන්න පුලුවන්ද.උඹලට ඕනනම් යාලුවෙයන්.නිකම් අමාරුවේ වැටෙන්නෙ මොකටද අනික විබාගෙත් ලගයි.


හිමා අපි දෙන්න ලයිබ්‍රි යනවා ගෙදර ගිහින් මිස් කෝල් එකක් දෙන්න.

ඉශත් දේදුත් ලයිබ්‍රි යන්න පාරෙන් එහා පැත්තට හැරුනා.අද මම තනියම.
පන්තියේදි සිද්ද වුන දේවල් මතක් කර කර මම බස් එකට නැග්ගා.ඉශා නැතුව හරිම පාළුයි.

"හිමාන්..නම නම් ලස්සනයි.අපරාදේ මම අනිත් අයටත් ඇහෙන්න එහෙම කිව්වෙ.කොල්ලො නෝන්ඩි කරාද දන්නේ නෑ.ආයිම ක්ලාස් නාවොත් තමා පව්."
ජනේලයෙන් එහා ඈතින් පේන කොටු පවුර දිහා බලාගෙන මම තනියම කල්පනා කරා.


හිමාශි...මගේ නම කියනවා ඇහිලා මම කල්පනා ලෝකෙන් මිදුනා.

දෙයියනේ හිමාන් මගේ එහා පැත්තෙ සීට් එකේ වාඩිවෙලා.ඉශාත් නෑ.

"හිමාශි මට ඔයත් එක්ක චුට්ටක් කතා කරන්න පුලුවන්ද?"හිමාන් ආයිම පාරක් අහනවා.
කතාකරනවද නැද්ද?
ඔයාට මොනවද කියන්න තියෙන්නෙ?මම කේන්තියෙන් වගේ එහෙම ඇහුවා.

හිමාශි මම මේක ඔයාට කියන්න කියල හුගක් දවස්........................... හිමාන් එක හුස්මට කියාගෙන ගියා.
හිමාන් මගේ ගැන හැම විස්තරයක්ම වගේ දන්නවා.

ඔයාට කවුද මගේ ගැන විස්තර කිව්වෙ?

හ්ම්ම්...ඔයාගෙම යාලුවෙක් නම කියන්න නම් බෑ එයා තරහ වෙයි.

"හිමාන් පන්තියේදි වුන දේට සමාවෙන්න.මට ආදරේ කරන්න එපා හිමාන්.මට ඔයාට ආදරේ කරන්නත් බෑ.ඒකට හේතුවනම් මගෙන් අහන්න එපා.ඔයා මගේ යාලුවෙක් විදියට ඉන්න ඒත් ඒ ඔයා කැමතිනම් විතරක්."මම හෙමිහිට එහෙම කියලා බස් එකෙන් බැස්සා.

වෙනදට මම බහින තැනින්ම බස් එකෙන් බහින හිමාන් එදා මම බහින හැටි නිහඩව බලා හිටියා.

එදායින් පසුව පන්තියේදි හතර අතේ ඔහුව සෙව්වත් ආයිම ඔහුගේ ලස්සන හිනාව නෙත නොගෑටිනි.

වසරකට පමණ පසුව මා රෝහලේ සිටියදි ඔහුව දුටු නමුත් ඔහු අත ගෙන සිටි ඈය දුටු විට කතාකරන්නට සිත් නොවුනි.ඈතෑම් විට එය ඊර්ශාව විය හැක.

අදටත් හිමාන් මගේ මිතුරෙක්.මගේ හිතේ ආදරයක් තිබුනත් ඔහුට ආදරේ කරන්න පුලුවන් කමක් මට තිබුනෙ නෑ.අයිති වෙන්නට ගිය එහෙත් අයිති කර ගැනීමට මට නොහැකි නුඹ අද වෙනකෙකුගේය.පුoචි දුකක් හිතේ කොනක තිබුනත් එදා මෙන් අදත් හෙටත් ජීවිතය පවතින තුරුත් නුඹ මගේ මිතුරෙකි.

පසුව ලියමි :
ඔහුට ආදරය නොකල හේතුව මා දිනෙන් දින මරණයට කැදවා යන මේ රෝගය බැව් ඔහු දන්නවානම් ඇතැම් විට මට අනුකම්පා කරනු ඇත.එහෙත් අනුකම්පාවක් නොව ආදරය අවැසි සමයක පරව යන මලකට පෙම් කිරීමට ඔහුමෙන්ම ඔබත් අකමැති බැව්
මා හොඳාකාරවම දනී.

Newer Post Older Post

2 Responses to “*ඔබ එන්න සුලගේ දැවටිලා...(2& අවසාන කොටස)”

  1. සහෝදරී, මේක ප්‍රබන්ධයක් ද ඇත්තක් ද ?

    මට හිතෙන්නේ ප්‍රබන්ධයක් කියලා. ඇත්තක් නම් ඔබ කථාවේ කෙල්ලයි කොල්ලයි දෙන්නම ග්‍රේඩ් !!!

    ReplyDelete
    Replies
    1. ඔව් සහොදරයා , මෙක ඇත්ත . මගේ මිතුරියකට සිදුවු දෙයක්
      …මගෙ මිතුරියට සුව කිරිමට නොහැකි අසනිපයක් තියෙනවා එක නිසා ඇය විවහ වෙන්නේ නැහැ කියන අදහසේ සිටින්නේ. මෙය වසර ගනනකට පෙර ඇයට සිදුවු ඇත්ත කතාවක් ඇසුරින් .

      Delete