* මගේ සද ඔබ (6 කොටස)

කාලය හෙමින් හෙමින් ගෙවිලා ගියේ වැඩි වෙනසක් නැතිවම.මම  හීන මව මව පුළුවන් හැමදාටම සඳිතිව හම්බ වුනා.සඳිතිත් හොදට කතා බහ කර කර හිටියා මිසක් සවින්දකගෙ ඉල්ලීමට එකඟ වුනේ නෑ.සඳිති තරහ වෙයි කියලා මම එයාට වැඩියම බල කරන්න ගියේ නෑ.

සමහරදාට සඳිතිල ස්කෝලෙ කැන්ටින් එකට යනකම් බලන් ඉඳල මමත් යනවා.ඒ වෙලාවට සඳිතිල ම ට කිරිටොෆි දෙනවා.නැත්නම් මම  ඒ ගොල්ලන්ට අරන් දෙනවා.මේ විදිහට කටයුතු සිදුවී ගෙන යනකොට ම ගෙ යාළුවො නම් හිතුවෙ මේ දෙන්න යාළුයි කියලා.

'කමක් නෑ කමක් නෑ අපිට නොකිය හොරෙන්ම කරන් පලයන්කෝ.'


යාළුවො ම ට නිතර විහිළු කරා.
ම්ම් ත් නිතරම කල්පනා කරා.එයා කවදාවත් මට කැමති වෙන එකක් නැද්ද.ඇයි එයා මට කැමති වෙන්නෙ නැත්තේ,ඔය වගේ ගොඩාක් දේවල් මගේ  ඔළුවෙ හොල්මන් කරා.

සමහරවිට ඒකි බයද දන්නෙ නෑ බන්.ක්‍රිකට් ගහන උන් ගොඩාක් වැරදි වැඩ කරනවා කියලනෙ හැමෝම හිතාගෙන ඉන්නෙ.
මට ත් ඒක ගැන පුන්චි සැකයක් තිබුනා සඳිති අහන කතා හින්දා.

'ඔය ගොල්ලො ක්‍රිකට් ගහන කොට හරි ලොකු ලොකු වැඩත් කරනවළු නේද'
'මොනවද ඒ ලොකු වැඩ.'
'ඒව ඉතින් දන්නෙ ඔයගොල්ලොනේ'
'ඒව දැන ගන්න තාම ඔයා පොඩියි.තව ටිකක් ලොකු වුනාම මම ඔයාට හැමදේම කියල දෙන්නම්'
මොනව වුනත් මේව තේරුම් ගන්න එයා තාම පොඩියි කියලයි මන්  හිතුවේ.
කාලය ගෙවිල ගිහින් දෙසැම්බර් නිවාඩුවත් ලංවුනා.නිවාඩුව ඉවර වෙන්න කලින් ක්‍රිකට් ප්‍රැක්ටිස් පටන් ගත්ත හින්දාම ට ගොඩාක් වැඩ තිබුනා.නායකත්වයේ වගකීම් එක්කත් ම ගෙ හිත තවත් බර වුනා.නිවාඩු මාසෙම ගෙවිලා ගියේ ක්‍රිකට් ප්‍රැක්ටිස් වලට.ඒ අතරෙ පුළුවන් හැම සෙනසුරාදාටමමම   සඳිතිව හම්බ වෙන්න ගියා.

මේ වාරෙ ස්කෝලෙ ක්‍රිකට් ටීම් එක ගැන හැමදෙනාම ගොඩාක් බලාපොරොත්තු තියල තිබුනා.අවුරුදු ගානකින් බිග්මැච් එක විසදුමක් ලැබිල නොතිබුන හින්දා මේ පාර බිග් මැච් එක ගැනත් හැමෝම ගොඩාක් බලාපොරොත්තු තියන් හිටියා.
නිවාඩු මාසේ තිබුනු පුහුණු තරඟ දෙකම දිනපු හින්දා ටීම් එකේ හැමෝමත් හිටියේ හොඳ මානසික මට්ටමකින්.
නිවාඩුව ඉවර වෙන්න දවස් දෙකක් වගේ තිබුනේ.එදාත් වැස්ස හින්දා ප්‍රැක්ටිස් කරන්න බෑ.රූම් එකට වෙලා ඉන්න කොට තමයි කට්ටියට පොඩ්ඩක් සෙට් වෙන අදහසක් ආවේ.ඒක ක්‍රිකට් රූම් එකේ ඉස්සර ඉඳන්ම තියෙන දෙයක් හින්දා වැඩේට අකමැති වුනත් ඒක නවත්වන්න සවින්දකට උවමනාවක් තිබුනෙ නෑ.
'මට නම් බෑ උඹල ඕන දෙයක් කර ගනිල්ලා.'
'හරි හරි ඔයා ඉතින් ප්‍රේමවන්තයානෙ'
එහෙම කියල කට්ටිය වැඩේ කරගෙන ගියා.අළුතින් ටීම් එකට එන මල්ලිලට පලවෙනි පාර ශොට් එකක් දෙන එකත් සම්ප්‍රදායක් හින්දා ඒ වැඩෙත් එදා සිදුවුනා.සමහර වුන් ජීවිතේටම බිව්වෙ එදා.

'මේ ක්‍රිකට් ගහන කොට බොන්න ඕනම කියල නියමයක් නෑ හරිද.ඕක අද විතරයි ඊට පස්සෙ කැමති නම් ඕන කෙනෙකුට නොබී ඉන්න පුළුවන්'
'හරි හරි ඔයා බණ නොකිය ඉන්න.උඹල බීපල්ල කෑල්ලක් සෙට්වුණු දවසට නවත්තපල්ලා.උඹලගෙ කැප්ටන් අයියා වගේ.'
කස්සා කියෝගෙන ගියා.
'මෙයත් මල්ලි පටන් ගත්තෙ ඔහොමයි ටික දවසක් යනකොට හිටපු ලොකු උන්ටත් මෙයත් එක්ක බොන්න බැරි වුනා.දැන් නවත්තල කෙල්ලන්ගෙ වැඩ තමයි.'
හැමෝගෙම බයිට් කරන්න ගත්තේ මව
මමත්  හිනා වෙවී අහගෙන හිටියා.
ඔය විදිහට වැඩේ කෙරීගෙන ගිහින් වැඩේ ඉවර වුනා විතරයි දොර ඇරගෙන ආපු මුහුණ දැකලා හැමෝම තක්බීර් වුනා.
'ප්‍රින්සිපල්.....' 



---මතුසම්බන්ධයි------

Newer Post Older Post

Leave a Reply