'තාම නිදිද යන්නෙ නැද්ද' පොඩි කමරයට
ආවෙ එහෙම අහගෙන.අවුරුදු උත්සවය බලන්න යන්න එච්චරම ආසාවක් මට නොතිබ්බට
නොගිහින් බැරි කමට මම යන්න ලැහැස්ති වුනා.
අපේ ගෙවල් තිබුනෙ ගමක.මමත් පුන්චි කාලෙ ගමේ ස්කෝලෙට ගිහින් 5
ශිශ්‍යත්වය පාස් වෙලා නගරයෙ පාසැලට ගියා.දැන් මම ඉන්නෙ උසස් පෙල
පන්තිවල ඉගෙන ගන්නෙ ජීව විද්‍යා අංශයෙන්.ඒත් මම ස්කෝලෙ වැඩිපුරම කලේ
බාහිර වැඩ.ක්‍රීඩා වලදි හැමතැනදිම මම ඉදිරියෙන් හිටියා.මේ පාර පාසැල්
ක්‍රිකට් කණ්ඩායමේ දක්ශතම ක්‍රීඩකයා වුනේත් මම .ඒ වගේම ලබන වසරෙ කණ්ඩායමේ
නායකත්වය දරන්නත් නියමිතව ඉන්නේ මම .නාගරික ක්‍රීඩා සමාජයෙත් මට
හොද තැනක් තිබුනා.